මහ පාරේ ...
නිමාවක් නැති ගමනක ඇරඹුමයි මේ මහපාර ....
Thursday, August 1, 2013
රතුපස්වල ලේ .....
ඡායාරූපය ලංකාදීප පුවත්පතින් උපුටා ගන්නා ලදී.(http://www.lankadeepa.lk/index.php/top_story/157902)
පිරිසිදු වතුර ඉල්ලා රතුපස්වල ගැමියන් කල උද්ඝෝෂණය හමුදාව සහ පොලීසියේ අවම බලය යොදාවා විසුරුවා හැර ඇත.අවම බලය යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස එක් ගැමියකු මේ වන විටත් මියගොස් ඇති බවට වාර්ථාවේ.ලියන්ඩ ගොඩක් දේවල් තියෙනව.දැනට මේ සිතිවිල්ල විතරක් ලියා තියන්නම්.
අපිත් ගැහුවා ඔව් එදා උඹලට
තිබ්බ ඡන්දෙදි එක් කතිරයක්
අපිට ගහපන් අද ඔළු පැලෙන්නම
යදින වරදට බොන දිය පොදක්
Saturday, July 13, 2013
Thursday, July 11, 2013
ගැමුණු,බස් ඇමති සහ අපි...
පොදු මගී ප්‍රවාහන සේවාවන්ගෙන් ගමන් ගන්නා මගියෙකු ලෙස රජයේ හා පෞද්ගලික යන දෙ අංශයේම සේවය ලබාගන්නා මා හට ලැබී ඇති ඇත්දැකීම් විවිධාකාරය.
මේ ලිපිය ලියන මොහොතවන විටත් පෙර කියූ ලෙසටම පෞද්ගලික බස් වර්ජනය ආරම්භ වී තිබිය හැක.රෑ දහයේ ප්‍රවෘත්ති වලින් පසුව මේ ගැන කිසිම දෙයක් මේ වන තුරුත් වෙබ් අඩවියක හෝ යවත්කාලීන වී නැත.ඔවුන් සදහන් කල පරිදි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වී ඇතිනම් එයින් අපහසුවට පත්වන්නේත් සුපුරුදු ලෙසම මගී ජනතාවමය.
මේ ගැනත් ගැමුණුට පිළිතුරක් තිබේ.ඔහු කියා සිටින්නේ මෙම බස් රථ නියාමනය වන්නේ රජය විසින් බවත් ඔවුන් එය නිසි ආකාරයෙන් සිදු නොකරන බවත්ය.බස් ගාස්තු සංශෝධනයකදී පමනක් ඒවාගැන දැඩිව ක්‍රියා කොට පසුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මේ තත්වය ඇතිවී ඇතැයි ඔහු කියා සිටී.ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණ භාවය කොපමණදැයි කීමට මා ඉක්මන් නොවෙමි.එහෙත් රජයකටද වගකීමක් ඇති බව කිවයුතුමය.මගීන් පීඩාවට පත් කල දුම්රිය වර්ජනයකින් පසුදාම වාගේ බස් වර්ජනයකින්ද මගීන්ට බැට කෑමට සිදුවීම නම් අසාධාරණය.
තීරණය ඔබ සතුයි .
Subscribe to:
Posts (Atom)