Saturday, July 13, 2013

මෙරුවා ....






ජීවිතේ අනියතය බව
නිහඩවම පසක් කොට
තටු සිදී බිම වැටුන කල
ගොදුරු විය හූනෙකුට

Thursday, July 11, 2013

ගැමුණු,බස් ඇමති සහ අපි...







පොදු මගී ප්‍රවාහන සේවාවන්ගෙන් ගමන් ගන්නා මගියෙකු ලෙස රජයේ හා පෞද්ගලික යන දෙ අංශයේම සේවය ලබාගන්නා මා හට ලැබී ඇති ඇත්දැකීම් විවිධාකාරය.


මේ ලිපිය ලියන මොහොතවන විටත් පෙර කියූ ලෙසටම පෞද්ගලික බස් වර්ජනය ආරම්භ වී  තිබිය හැක.රෑ දහයේ ප්‍රවෘත්ති වලින් පසුව මේ ගැන කිසිම දෙයක් මේ වන තුරුත් වෙබ් අඩවියක හෝ යවත්කාලීන වී නැත.ඔවුන් සදහන් කල පරිදි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වී ඇතිනම් එයින් අපහසුවට පත්වන්නේත් සුපුරුදු ලෙසම මගී ජනතාවමය.

 

 පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාට අනුව මෙය ඔවුන්ගේ වෘත්තීමය අයිතිවාසිකමක් බවත් එය නීතියට එකඟ බවත් කියා සිටී.වර්ජනයකින් තොරව ඔවුන්ගේ ඉල්ලීම් නොලැබෙන බවත්, ඔවුන් ඉල්ලන්නේ රජයත් ඔවුනුත් අතර ඇති ගිවිසුමේ සදහන් ඉල්ලීම් ඉටු කිරීම පමණක් බවත් කියති.එහෙත් ඔවුන් ලබා ගන්නා මුදලට සරිලන සේවයක් මගියාට ලැබෙනවාද යන්න සැකයකි.නොසැලිකිළිමත් ධාවනය නිසා වන අනතුරුද ඉහලය.බස් රථවල ප්‍රමිතිය ගැනද ගැටළු තිබේ .


 මේ ගැනත් ගැමුණුට පිළිතුරක් තිබේ.ඔහු කියා සිටින්නේ මෙම බස් රථ නියාමනය වන්නේ රජය විසින් බවත් ඔවුන් එය නිසි ආකාරයෙන් සිදු නොකරන බවත්ය.බස් ගාස්තු සංශෝධනයකදී පමනක් ඒවාගැන දැඩිව ක්‍රියා කොට පසුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මේ තත්වය ඇතිවී ඇතැයි  ඔහු කියා සිටී.ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණ භාවය කොපමණදැයි කීමට මා ඉක්මන් නොවෙමි.එහෙත් රජයකටද වගකීමක් ඇති බව කිවයුතුමය.මගීන් පීඩාවට පත් කල දුම්රිය වර්ජනයකින් පසුදාම වාගේ බස් වර්ජනයකින්ද මගීන්ට බැට කෑමට සිදුවීම නම් අසාධාරණය.


පුද්ගලික ප්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරන සී.බී රත්නායක ඇමතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ තමන් වර්ජනයට බිය නැතිබවත්,රජයේ ප්‍රවාහන අංශය හරහා ජනතාවට සේවය සලසන බවත් වර්ජනය අසාර්ථක කිරීමට උත්සාහය කරන බවත්ය.ඇමතිවරයාගේ බිය ඇති නැති බව පිලිබදව මගීන්ට ගැටළුවක් නැතිබව පැහැදිලිය.ඇරත් ඇමතිවරු සහ නිලධාරීන් බසයෙන් නොයන නිසා කිසිම ගැටළුවක් ඔවුනට නැත.ප්‍රශ්නය ඇත්තේ දුප්පත් මිනිසුන් වන අපිටය.හෙට වැඩට යන්නට,පාසල් යන්නට,ඉස්පිරිතාලයකට යන්නට,සම්මුඛ පරීක්ෂණයකට යන්නට ඇති මිනිසුන්ටය.එමෙන්ම රජය මගින් ප්‍රවාහන පසුකම් සියයට සියයක්ම සැපයීමට නොහැකි තත්වයකදී වගකීමක් ඇති පාර්ශවයන්ගේ මෝඩ තකතීරුකම් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත පීඩාවට පත් කිරීම නම් අවාසනාවන්ත තත්වයකි.






 වර්ජනය අවසානයේදී සුපුරුදු ලෙසටම රජයේ මාධ්‍යය අනුව වර්ජනය අසාර්ථක එකකි.මිනිසුන් සියල්ලෝම සතුටින් පහසුවෙන් ගමන්බිමන් ගොස් ඇත.ලංගමයේ ආදායමද වෙනදාටත් වැඩියෙන් ඉහලය.ගැමුණුලා පරාජය වී ඇත.හැකිනම් හැමදාම වර්ජනය කරන්නැයි ඇමතිගෙන් අභියෝගයකි.පුද්ගලික මාධ්‍යයට අනුව නම් මගීන් වර්ජනය සාර්ථක වී ඇත.මගීන් දැඩි පීඩාවට පත් වී සිටියි.රජයද දණ ගසා ඇත යන්නයි.වර්ජනය නිසා සිදුවූ අපහසුවට ගැමුණුලාගේ ශෝකයද පල කර සිටී.විපක්ෂයට අනුව නම් සියල්ලටම රජය වගකිව යුතුය.එහෙත් අවසානයටම රජයත් දිනා ඇත.ගැමුණුලාත් දිනා ඇත.විපක්ෂයටත් එල්ලෙන්නට වැලක් ලැබී ඇත.හැමදාමත් වගේ අහිංසක මගීන් වන අපි විතරක් පැරදී ඇත.




තීරණය ඔබ සතුයි .