Friday, July 5, 2013

ඡන්දය....?





කියාලා බොරු කෝටියක්
මවාලා සුර ලෝකයක්
වනසලා තව පලාතක්
ඡන්දෙ ඉල්ලයි නැවත සැරයක්

යන්න එන්නට හොඳ සැපරියක්
මගේ ළමයින්ට ලොකු පාසලක්
ගෙදර නෝනට තව ලොකු ගෙයක්
හතර වරිගෙට මෙය ඉල්ලමක්

සැමදා උනේ මේ ටිකමයි පුරුදු ලෙස
දුන්නා පෝළිමේ ගොස් ඡන්දය තොපට
ඡන්දෙන් පස්සෙ මේ පාරත් පෙර ලෙසින
බඩු මිල ඉහල යයි තියෙනවටත් වැඩිය

No comments:

Post a Comment