Thursday, July 4, 2013

තාත්තාගේ මරණය...




රැකගන්න ජීවිතය
යදිනකොට හෙදියන්ට
කඩදාසි කොල ගොඩක්
පුරවන්න කියනවා

නිමාකර සැම දෙයම පැමිනි කල වාට්ටුවට
දොස්තරල නැති බවක් සිටින උන් කියනවා

එළියෙ සිටි දොස්තරට
ඇද වැටී වඳිනවා
අයිති නැති වාට්ටුවට
නොයන බව කියනවා
තාත්තාගෙ හද ගැස්ම
එක් වරම සිටිනවා
අද දිනට මළ ගණන
හතර යැයි කියනවා

සිල්ලරද ජීවිතය ලංකාවෙ මේ තරම්
නිදහස්ලු සුව සේවෙ ලංකාවෙ ඉස්තරම්

උපාධිය විතරක්ම
තිබෙන්නට ඇති ඇයට
මිනිස්ක ගුණ දහම්
වේලිලා නහරවල
ඒ උනත් දොස්තරලු ඇය
රටේ මහ රෝහලක
පතමි ඒ දුක යලිත්
කිසි කෙනෙකු හට නොවෙන්න ...............


2 comments:

  1. දිගටම ලියන්න.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මහපාරේ බ්ලොග් එකට පලමු කමෙන්ටුව ලැබුනේ ඔබගෙන්,දිරි ගැන්වීමට ස්තූතියි.

      Delete